සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලි සදහා ක්‍රීඩා කරන සිම්බාබ්වේ සංචිත නම් කර තිබෙනවා.
එක්දින සංචිතය සදහා මෙතෙක් එක්දින වරම් දිනා නොමැති Trevor Gwandu, Tashinga Musekiwa හා Tinotenda Maposa ඇතුළත්.
2023 වසරේ ජූලි මාසයේ දී අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇති ශෝන් විලියම්ස් එක්දින සංචිතයට කැදවා ඇතත්, විස්සයි 20 සංචිතයට ඔහුව නම් කර නැහැ.
එක්දින නායක ක්‍රෙයිග් අර්වින් ද විස්සයි 20 සංචිතයට නම් නොකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නොවැම්බර් 24 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා ක්‍රියාත්මක පාකිස්තාන කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සදහා එක්දින තරග 3 ක් හා විස්සයි 20 තරග 3ක් ඇතුළත් අතර, සියලු තරග බුලවායෝහීදී පැවැත්වීමට නියමිතයි.
Zimbabwe ODI squad for series against Pakistan
Craig Ervine (c), Faraz Akram, Brian Bennett, Joylord Gumbie, Trevor Gwandu, Clive Madande, Tinotenda Maposa, Tadiwanashe Marumani, Brandon Mavuta, Tashinga Musekiwa, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Sikandar Raza, Sean Williams
Zimbabwe T20I squad for series against Pakistan
Sikandar Raza (c), Faraz Akram, Brian Bennett, Ryan Burl, Trevor Gwandu, Clive Madande, Wessly Madhevere, Tinotenda Maposa, Tadiwanashe Marumani, Wellington Masakadza, Brandon Mavuta, Tashinga Musekiwa, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava