2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද(12) පැවැත්වෙනවා.
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3:30 ට සාජාහී දී ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරග තුනම ඔවුන් පරාජයට පත් වූ අතර, ඉන්දියාවට එරෙහිව ලැබූ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සියලු බලාපොරොත්තු අත්හැරීමට සිදු වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙන්නේ සැනසුම්දායක ජයක් වාර්තා කරමින් තරගාවලිය අවසන් කිරීමේ අරමුණින්.
නවසීලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ දී මුහුණ දුන් පළමු තරගයෙන් ඉන්දියාවට එරෙහිව විශිෂ්ඨ ජයක් වාර්තා කළ නමුත්, ඔස්ට්‍රේලියාව හමුවේ ඔවුන් දරුණු පරාජයකට ලක් වුණා.
ඒ අනුව A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටින නවසීලන්තයට සිය ශුද්ධ ලකුණු වේගය ද ඉහළ මට්ටමකට රැගෙන එමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාවක් සලසා ගැනීමට අද තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීම වැදගත් වනු ඇති.
තරගාවලියේ 16 වැනි තරගය ද අද ඩුබායිහීදී පැවැත්වීමට නියමිත අතර, රාත්‍රී 7:30 ට ආරම්භ වන එම තරගයේ දී බංග්ලාදේශය සමගින් තරග වදින්නේ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමයි.
මේ අතර, මෙවර තරගාවලියේ දී අඛණ්ඩව ලැබූ තෙවැනි ජය ද වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, ඩුබායි හී දී පාකිස්තානය පරදා කඩුලු 9ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 82 ක් පමණයි. ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 11 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.
Australia remain undefeated in Group A as the race for a semi-final spot heats up 🔥
Qualification scenarios ➡️ https://t.co/p6f5nETx2g#T20WorldCup | #WhateverItTakes pic.twitter.com/BN1citKlaQ
— T20 World Cup (@T20WorldCup) October 12, 2024