2025 SA20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් MI Cape Town කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඇෆ්ඝනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි ද එම කණ්ඩයම සමග ගිවිසුම්ගත වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පසුගිය තරග වාර දෙකේ දී ම MI Cape Town කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හිමි කර ගත්තේ අවසන් ස්ථානයයි.
2025 අදියර වෙනුවෙන් ඔවුන් රෂීඩ් ඛාන් හා ට්‍රෙන්ට් බෝල්ට් සමගින් ද ගිවිසුම්ගත වුණා.
එමෙන්ම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද සංචිතයේ රදවා ගැනීමටයි MI Cape Town කණ්ඩායම පියවර ගත්තේ.
කාගිසෝ රබාඩා, ඩිවාල්ඩ් බ්‍රේවිස්, රසී වැන් ඩර් ඩසන් වැනි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ද එම සංචිතයට ඇතුළත්.