“ස්ටොක්ස් ආයෙත් මට මැසේජ් කරොත්, මම ඒක ඩිලීට් කරනවා” : මොයීන් අලී

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පස්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය තම අවසන් ටෙස්ට් තරගය බවත්, ඒ අනුව තමා යළි ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බවත් මොයීන් අලී පවසනවා.

පස්වැනි තරගයේ දෙවැනි ඉනිමේදී මොයීන් ලකුණු 76 කට කඩුලු 3 ක් දවා ගනිමින් එම තරගයෙන් එංගලන්තයට ජය ගැනීම සදහා සිය දායකත්වය ද ඉහළ මට්ටමින් ලබා දුන්නා.

ඔහු ටෙස්ට් තරග 68 කදී ලකුණු 3,094 ක් වාර්තා කර ඇති අතර, එහිදී කඩුලු 204 ක් ද බිද හෙලා තිබෙනවා. ශතක 5 ක් ඔහුගේ ටෙස්ට් දිවියට ඇතුළත්.

මොයීන් අලී 2021 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් නමුත්, මෙවර අළුබදුන තරගාවලියට පෙර ජැක් ලීච් ආබාධයකට ලක් වීම හේතුවෙනුයි අලී යළි ටෙස්ට් පිටියට පිවිසියේ. ඒ, නායක බෙන් ස්ටොක්ස් කළ ආරාධනාවකට අනුවයි.

“ස්ටොක්ස් ආයෙත් මට මැසේජ් කරොත්, මම ඒක ඩිලීට් කරනවා” යනුවෙන් මොයීන් අලී සදහන් කළා.

Comments (0)
Add Comment