Watch : ස්ටොක්ස් අන්ත අසරණ වූ ස්ටක්ගේ සුපිරි පන්දුව

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ තෙවැනි දිනය වන අද දිනයේදී සුපිරි පන්දුවක් යොමු කරමින් එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් දවා ගැනීමට මිචෙල් ස්ටක්ට හැකි වුණා.

ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන විට ස්ටොක්ස් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 83 ක්.

ඇඩිලේඩ්හීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 371 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 286 ක් පමණයි.

මෙම තරගාවලියේදී මීට පෙර ද ස්ටක්ගේ පන්දුවක් හමුවේ ස්ටොක්ස් මේ ආකාරයෙන්ම දැවී ගියා.

එම වීඩියෝ දෙක පහතින් නරඹන්න –

Comments (0)
Add Comment