ස්ටොක්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි – වසර දෙකක කොන්ත්‍රාත්තුවකටත් ස්ටොක්ස් එකග වෙයි

පාකිස්තානය සමග එළඹෙන 7 වැනිදා මුල්තාන් හී දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ට අහිමි වී තිබෙනවා.

පාදයක ආබාධකට ලක්ව සුවය ලබමින් සිටින ඔහු අගෝස්තු මුල සිට මේ දක්වා කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ද එංගලන්තය මෙහෙය වූ ඔලී පෝප් පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ද එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

වේග පන්දු යවන ක්‍රීඩක Brydon Carse පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

England XI: Zak Crawley, Ben Duckett, Ollie Pope (c), Joe Root, Harry Brook, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Brydon Carse, Jack Leach, Shoaib Bashir

මේ අතර, 33 හැවිරිදි බෙන් ස්ටොක්ස් එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග වසර දෙකක කාලයක් සදහා වලංගු මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කිරීමට එකගතාවය පල කර තිබෙනවා.

පසුගිය වසරේ දී ස්ටොක්ස්ට වසර තුනක කොන්ත්‍රාත් ගිවිසුමක් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ස්ටොක්ස් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඔහු අත්සන් කළේ මාස 12 ක කාලයකට වලංගු කොන්ත්‍රාත් ගිවිසුමක් පමණයි.

top
Comments (0)
Add Comment