ස්ටක් T20I පිටියට සමු දෙද්දී අසිෆ් දැඩි තීරණයක් ගනියි

ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ලබන වසරේ අවසානයේ සිට ඇරඹෙන කාර්යය බහුල ටෙස්ට් තරග කාලසටහන හා 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

35 වන වියේ පසුවන මිචෙල් ස්ටක් විස්සයි 20 ජාත්‍යන්තර තරග 65 ක් ක්‍රීඩා කරමින් කඩුලු 79 ක් බිද හෙලා තිබෙනවා. ඔහු 2021 වසරේදී විස්සයි 20 ලෝක කුසලානය ජය ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ද සාමාජිකයෙක්.

මේ අතර, පාකිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු අසිෆ් අලී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

33 හැවිරිදි අසීෆ් පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 21 ක් හා විස්සයි 20 තරග 58 ක් ක්‍රීඩා කළා.

top
Comments (0)
Add Comment