සයීම් අයුබ් ලන්ඩන් නුවරට පිටත් කර හැරීමට තීරණය කෙරේ

වළලුකර ආබාධයකට ලක්ව සිටින පාකිස්තාන ආරම්භක පිතිකරු සයීම් අයුබ් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත පිටත් කර හැරීමට පාකිස්තාන ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා.

මේ දිනවල කේප් ටවුන්හීදී පැවැත්වෙන දකුණ අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී පන්දු රකිමින් සිටියදීයි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ඔහු පාකිස්තාන සංචිතය සමග දකුණු අප්‍රිකාවේ තවදුරටත් රැදී සිටීමට නියමිතව ඇති බවත්, අනතුරුව පාකිස්තානය වෙත පැමිණීමට නියමිතව ඇති බවත්, මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට තීරණය කර ඇත්තේ ඔහුට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ඔහුව ලන්ඩන් නුවර වෙත පිටත් කර හැරීමටයි.

මෙම ආබාධය හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහුට සම්පූර්ණ සුවය ලැබීම සදහා සති හයක පමණ කාලයක් ගත වනු ඇති.

top
Comments (0)
Add Comment