“සමුගන්න මීට වඩා හොඳ කාලයක් නැහැ” : රෝහිත් ෂර්මා

“මෙය මගේත් අවසන් විස්සයි 20 තරගයයි. මෙම ආකෘතියෙන් සමුගැනීමට මීට වඩා හොඳ කාලයක් නැහැ” ඉන්දීය නායක රෝහිත් ෂර්මා මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් එලෙස අදහස් පල කළා.

විරාත් කෝලි විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි ඉන්දීය නායකයා ද ජාත්‍යන්තර විස්සයි 20 පිටියට සමු දීමේ සිය තීරණය නිවේදනය කළේ.

දකුණු අප්‍රිකාව පරදා අවසන් මහා තරගයේ දී ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කරමින් දෙවැනි වරටත් විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව මෙරට වේලාවෙන් ඊයේ(29) රාත්‍රියේ සමත් වුණා.

“මම මේ හැම මොහොතකටම ආදරය කළා. මම මගේ ඉන්දීය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මේ ආකෘතියෙන්. මට අවශ්‍ය වුණේ මෙයයි, මට කුසලානය දිනා ගැනීමට අවශ්‍ය වුණා.” යනුවෙන් රෝහිත් සදහන් කළා.

“මට මේක දැඩිව අවශ්‍ය වුණා. වචනවලින් කියන්න හරිම අමාරුයි. එය මට ඉතා සංවේදී අවස්ථාවක් වුණා. මම මගේ ජීවිතයේ මෙම කුසලානයට ගොඩක් බලාපොරොත්තු රහිත වෙලා හිටියේ. අපි අවසානයේ මෙම සීමාව පසු කිරීම ගැන සතුටුයි.”

Comments (0)
Add Comment