සන්රයිසස් තුන් ඉරියව් ක්‍රීඩකයා IPL තරගාවලියෙන් ඉවතට

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ලම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී ඔහු තරග 7ක් ක්‍රීඩා කළා. එහිදී ඔහු ඉනිම 5 කදී ලකුණු 60 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දවා ගැනීමට සමත් වුණේ කඩුලු 3 ක් පමණයි.

2021 හා 2022 අයි.පී.එල් තරග වාරවලදී ද වොෂින්ටන් සුන්දර්ට සියලු තරග ක්‍රීඩා කිරීමට නොහැකි වුණේ ආබාධවලට ලක්වීම හේතුවෙන්.

big 3
Comments (0)
Add Comment