සංගා ක්‍රීඩා කරන IML තරගාවලිය අදින් ඇරඹේ – සජීවී විකාශය ඇතුළු සියලු තොරතුරු මෙන්න

හිටපු ක්‍රිකට් තරු රැසක් එක්වන International Masters League ක්‍රිකට් තරගාවලිය අද(22) ඉන්දියාවේදී ආරම්භ වනවා.

පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් සංඛ්‍යාව හයක්.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් මෙම තරගාවලියට එක්වනවා.

තරගාවලියේ පළමු තරගය India Masters හා Sri Lanka Masters කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතයි. එම තරගය නවි මුම්බායිහීදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 7:30 ටයි.

Sri Lanka Masters කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාරයි.

Sri Lanka Masters කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරගය එළඹෙන 26 වැනිදා South Africa Masters කණ්ඩායමට එරෙහිවත්, තෙවැනි තරගය එළඹෙන 28 වැනිදා Australia Masters කණ්ඩායමට එරෙහිවත්, සිව්වැනි තරගය ලබන 6 වැනිදා West Indies Masters කණ්ඩායමට එරෙහිවත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මූලික වටයේදී Sri Lanka Masters කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ England Masters කණ්ඩායමට එරෙහිවයි.

අවසන් පූර්ව තරග මර්තු 12 හා 14 යන දිනවලදී පැවැත්වෙනවා.

තරගාවලියේ නිල රූපවාහිනී විකාශන කටයුතු Colors Cineplex හා Colors Cineplex Superhits නාලිකා හරහා සිදු කෙරෙන අතර, JioHotstar හරහා ද තරගාවලිය විකාශය කෙරෙනවා.

මෙරට ප්‍රේක්ෂකයින්ට Dialog TV – ThePapare 1 හා ThePapare 1 HD නාලිකා හරහා ද, ThePapare වෙබ් අඩවිය හරහා මෙන්ම  Dialog VIU යෙදුම(app) ඔස්සේ ද තරග නැරඹිය හැකියි.

PEO TV හි PEO SPORTS 1SD හා PEO SPORTS 1 HD නාලිකා හරහා තරගාවලිය විකාශය කෙරෙනු ඇති.

තරගාවලියට ක්‍රීඩා කරන සංචිත හය –

Sri Lanka Masters
Kumar Sangakkara (c) & (wk), Asela Gunaratne, Lahiru Thirimanne, Upul Tharanga, Ashan Priyanjan, Chaturanga de Silva, Chinthaka Jayasinghe, Dilruwan Perera, Isuru Udana, Jeevan Mendis, Seekkuge Prasanna, Romesh Kaluwitharana (wk), Dhammika Prasad, Nuwan Pradeep, Suranga Lakmal

India Masters
Sachin Tendulkar (c), Ambati Rayudu, Gurkeerat Singh Mann, Suresh Raina, Yuvraj Singh, Irfan Pathan, Stuart Binny, Yusuf Pathan, Naman Ojha (wk), Abhimanyu Mithun, Dhawal Kulkarni, Pawan Negi, Rahul Sharma, Shahbaz Nadeem, Vinay Kumar

Australia Masters
Shane Watson (c), Callum Ferguson, Nathan Reardon, Shaun Marsh, Ben Cutting, Dan Christian, Ben Dunk (wk), Peter Nevill (wk), Ben Hilfenhaus, Ben Laughlin, Bryce McGain, James Pattinson, Jason Krejza, Nathan Coulter-Nile, Xavier Doherty

West Indies Masters
Brian Lara (c), Chris Gayle, Kirk Edwards, Lendl Simmons, Narsingh Deonarine, Ashley Nurse, Dwayne Smith, Chadwick Walton (wk), Denesh Ramdin (wk), William Perkins (wk), Fidel Edwards, Jerome Taylor, Ravi Rampaul, Sulieman Benn, Tino Best

England Masters
Eoin Morgan (c), Ian Bell, Kevin Pietersen, Darren Maddy, Dimitri Mascarenhas, Tim Bresnan, Phil Mustard (wk), Tim Ambrose (wk), Boyd Rankin, Chris Schofield, Chris Tremlett, Monty Panesar, Ryan Sidebottom, Steven Finn, Stuart Meaker

South Africa Masters
Jacques Kallis (c), Alviro Petersen, Farhaan Behardien, Hashim Amla, Henry Davids, Jacques Rudolph, Jonty Rhodes, JP Duminy, Vernon Philander, Dane Vilas (wk), Morne van Wyk (wk), Eddie Leie, Garnett Kruger, Makhaya Ntini, Thandi Tshabalala

Comments (0)
Add Comment