ෂ්රෙයස් අයියර් දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කෙරේ

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ෂ්රෙයස් අයියර් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහලක දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග පසුගිය 25 වැනිදා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඔහු ඉළ ඇටයේ ආබාධයකට (rib cage injury) ලක් වූ අතර, ඒ අනුව අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වීම හේතුවෙනුයි ඔහුව දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර ඇත්තේ.

මීට පෙර ඔහුට සති තුනක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවට අපේක්ෂා කෙරුණා.

කෙසේ වෙතත්, ඔහු දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර ඇති බැවින් එම කාලය තවත් දීර්ඝ වනු ඇති බවයි වාර්තා වන්නේ.

තෙවැනි එක්දින තරගයේදී ඇලෙක්ස් කෙරී දවා ගැනීම සදහා උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අයියර් මෙම ආබාධයට මුහුණ දුන්නා. (දර්ශන පහතින්)

අනතුරුව ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරුණු අතර, ඒ අනුව පසුගිය දින දෙක තුළදී ද ඔහු දැඩි සත්කාරක ඒකකය තුළ ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

big
Comments (0)
Add Comment