ෂර්මාට අද තරගය අහිමි වන ලකුණු

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔහුට අද(20) කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග පැවැත්වෙන මෙවර අයි.පී.එල් තරග වාරයේ දෙවැනි තරගය අහිමි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

පුහුණුවීම් අතරතුර ඉෂාන්ට් ෂර්මා මෙලෙස ආබාධයකට ලක්ව ඇති බව සදහන්.

දිල්ලි කණ්ඩායම සහ පන්ජාබ් කණ්ඩායම අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment