එංගලන්ත නවක දග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් බෂීර්ට (Shoaib Bashir) ඉන්දියාවට පැමිණීම සදහා වීසා නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන සති අන්තයේ දී ඔහු එංගලන්ත සංචිතය සමග ඉන්දියාවේ දී යළි එක් වීමට නියමිතයි.
ඉන්දීය ටෙස්ට් තරග සංචාරය අරමුණු කර ගනිමින් පැවැති පුහුණු කදවුරකට පාකිස්තාන සම්භවයක් සහිත 20 හැවිරිදි ශොයිබ් බෂීර් එංගලන්ත සංචිතය සමග පසුගිය සතියේ දී අබුඩාබි නුවර දී එක්ව සිටියා.
කෙසේ වෙතත්, ඉන්දියාවට පැමිණීමට ඔහුට වීසා නොලැබීම නිසා එංගලන්ත සංචිතයේ සෙසු ක්‍රීඩකයින් පමණක් පසුගිය ඉරිදා දිනයේ දී ඉන්දියාව වෙත පැමිණියා.
අනතුරුව අගහරුවාදා වන විට ශොයිබ් බෂීර් යළි එංගලන්තයට පැමිණ තිබුණේ වීසා ගැටලුව විසදා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, අද(24) දිනයේ දී ඔහුට වීසා ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත්, මෙම ගැටලුව නිසා ඔහුට හෙට(25) හයිදරාබාද් හී දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
මේ අතර, හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත කණ්ඩායම ද අද නිවේදනය කෙරුණා.
කණ්ඩායම සදහා ක්‍රීඩා කරන එකම වේග පන්දු යවන්නා වන්නේ මාර්ක් වුඩ් පමණයි. ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනෙකු කණ්ඩායමට නම් කර තිබෙනවා.
ඒ අනුව Tom Hartley පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි.
England XI
Zak Crawley, Ben Duckett, Ollie Pope, Joe Root, Jonny Bairstow, Ben Stokes, Ben Foakes (wk), Rehan Ahmed, Mark Wood, Tom Hartley, Jack Leach