ලබන මාසයේදී සිදු කිරීමට නියමිත ඉන්දීය තරග සංචාරය සදහා හා පෙබරවාරි මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිත නිවේදනය කර තිබෙනවා.
ඉන්දීය සංචාරයට නම් කර ඇති එංගලන්ත එක්දින සංචිතයම ශූරයින්ගේ කුසලානයට ද එක් වීමට නියමිතයි. එක්දින සංචිතය හා විස්සයි 20 සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් ඇතුළත්.
බ්‍රෙන්ඩන් මැකලම් සුදු පන්දු කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස පත් කිරීමෙන් පසුව එංගලන්තය සිදු කරන පළමු තරග සංචාරය වන්නේ එළඹෙන ඉන්දීය තරග සංචාරයයි. එම සංචාරයට එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 5 ක් ඇතුළත්.
2023 නොවැම්බර් මාසයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජෝ රූට් පළමු වරට එක්දින සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.
නවසීලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී වම් පාදයේ ආබාධයකට ලක් වූ බෙන් ස්ටොක්ස් මෙම සංචිත සදහා සලකා බලා නැහැ.
පා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් විස්සයි 20 සංචිතයට නම් කර ඇති අතර, ජෝ රූට් එක්දින සංචිතයට පමණක් ඇතුළත් කර තිබෙනවා.
එංගලන්ත ක්‍රීඩකයින් ජනවාරි 17 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
England Men’s ODI Squad – (India Tour & ICC Champions Trophy)
Jos Buttler (C), Jofra Archer, Gus Atkinson, Jacob Bethell, Harry Brook, Brydon Carse, Ben Duckett, Jamie Overton,Jamie Smith, Liam Livingstone, Adil Rashid, Joe Root, Saqib Mahmood, Phil Salt, Mark Wood
England Men’s T20I Squad – (India Tour)
Jos Buttler (C), Rehan Ahmed, Jofra Archer, Gus Atkinson, Jacob Bethell, Harry Brook, Brydon Carse, Ben Duckett,Jamie Overton, Jamie Smith, Liam Livingstone, Adil Rashid, Saqib Mahmood, Phil Salt, Mark Wood
England Men’s White-Ball Tour of India Schedule :
T20Is
- 1st T20I: Wednesday 22 January, Kolkata
- 2nd T20I: Saturday 25 January, Chennai
- 3rd T20I: Tuesday 28 January, Rajkot
- 4th T20I: Friday 31 January, Pune
- 5th T20I: Sunday 2 February, Mumbai
ODIs
- 1st ODI: Thursday 6 February, Nagpur
- 2nd ODI: Sunday 9th February, Cuttack
- 3rd ODI: Wednesday 12 February, Ahmedabad