ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ නම සංශෝදනය කෙරේ

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ නම ශාන්ත ලුසියා කිංග්ස් ලෙස සංශෝදනය කර තිබෙනවා.

කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් නව ලාංඡනයක් ද අද(2) ප්‍රසිද්ධියට පත් කළා.

මේ වන විට එම කණ්ඩායමේ හිමිකාරීත්වය ද දරනු ලබන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය විසිනුයි.

ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් හා බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් (බාර්බඩෝස් රෝයල්ස්) යන කණ්ඩායම්වල හිමිකාරීත්වය ද පිළිවෙලින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කොල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය සතු වනවා.

ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය ෆෆ් ඩු ප්ලෙසිස් විසින් දැරීමට නියමිතව ඇති අතර, පුහුණුකරු ලෙස ඇන්ඩි ෆ්ලවර් කටයුතු කරනු ඇති.

Comments (0)
Add Comment