ශ්‍රී ලංකා 20යි 20 නායකත්වයේ වෙනසක්

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

නිත්‍ය නායක ලසිත් මාලිංග අදාළ තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇති බවත්, ඒ හේතුවෙන් දසුන් ශානකට නායකත්වය හිමි වනු ඇති බවත් සදහන්.

මීට පෙර ද දසුන් ශානක ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර, එහිදී ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තානයට එරෙහිව තරග 3-0ක තරගාවලි ජයක් ද වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment