ශ්‍රී ලංකා සංචාරයේ දී බංග්ලාදේශ කණ්ඩායමට නව පිතිකරණ උපදේශකයෙක්

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස නවසීලන්තයේ ක්‍රෙයිග් මැක්මිලන් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක වූ නෙයිල් මැකෙන්සි ශ්‍රී ලංකා සංචාරයට එක් නොවීමට තීරණය කිරීමත් සමගයි.

බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියට මසකට පෙර මෙරටට පැමිණීමට තිරණය කර තිබීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

 

Comments (0)
Add Comment