ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් (David Sekar) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඩේවිඩ් සේකර් 2019 වසරේ දෙසැම්බර් 8 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment