ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් ගැටුම අද

Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගය අද(21) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ විමට නියමිතයි.

අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද, ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකා කණ්ඩායම ද පරාජයට පත් කළා.

මූලික වටයේ තරග අවසන් වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම ප්‍රසාද ලකුණු ලබා සිටි නමුත්, දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉදිරියෙන් පසු වූයේ ශ්‍රී ලංකාවයි.

කෙසේ වෙතත්, මූලික වටයේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි වූයේ ඉන්දියාවටයි.

SRI LANKA NEWS
Comments (0)
Add Comment