ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද සිය සිව්වැනි තරගයට

Road Safety World Series තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන සිව්වන තරගය අද(8) පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ මෙතෙක් ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

ඉන්දියාව එහි පෙරමුණ ගෙන ඇත්තේ සහභාගී වූ තරග 3ම ජය ගනිමින්.

ඊයේ පැවැති තරගයෙන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කළ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානයේත් පසුවනවා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment