ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකා සංචාරයත් කල් යන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය ද කල් යනු ඇති බව වාර්තා වනවා.

ඒ, දකුණු අප්‍රිකාවට ද බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

දෙසැම්බර් මාසයේ දී මෙම තරග සංචාරය යෙදී ඇති අතර, එහිදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 12 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

පළමු තරගය දෙසැම්බර් 18 වනදා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් එම තරගාවලිය කල් යාමේ අවධානමක් පවතින අතර, එසේ වුවහොත් T 10 ක්‍රිකට් තරගාවලියක් එම කාලයේ දී මෙරට දී පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ.

Comments (0)
Add Comment