ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු වශයෙන් සේවය කළ Paul Khoury ඉල්ලා අස් වී තිබෙනවා.

පසුගිය 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඔහු ධූරයෙන් ඉවත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වී ඇති බව සදහන්.

2018 වසරේ පෙබරවාරි 15 වනදා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වූ අතර, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය මූලික කර ගනිමින් ඔහු සේවයේ නිරත වුණා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment