ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් තාවකාලික කළමණාකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික කළමණාකරු ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සම්බන්ධීකාරක මංජුල කාරියප්පෙරුම මහතා පත් කර ඇති බව වාර්තා වනවා.

එළඹෙන බංග්ලාදේශ තරගාවලිය සදහා පමණක් මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්.

ශ්‍රී ලංකා කණ්ඩායම සදහා ස්ථීර කළමණාකරුවෙකු ඉදිරියේ දී පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු වූ ෆර්විස් මහරුෆ් ද අයදුම් කර ඇති බවයි වාර්තා වුණේ.

Comments (0)
Add Comment