ශ්‍රී ලංකාව පළමු දිනයේ දී ම වැඩ අල්ලයි

තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශය වෙත ළගා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරටට පැමිණි පළමු දිනයේදීම සිය ශාරීරික යෝග්‍යතා ව්‍යායාම සඳහා එක්ව තිබෙනවා. ඒ, ඔවුන් රැඳී සිටින හෝටල් පරිශ්‍රයේදීමයි.

කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ කායවර්ධනාගාරයේදී ක්‍රීඩකයින් එම පුහුණුවීම්වල නිරත වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැදී සිටින අතර, පළමු දින තුන තුළ දී ඔවුන් නිරෝධායනයට ද ලක් විය යුතුයි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 21 වනදා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන පුහුණු තරගයකට එක් වනු ඇති. දෙරට අතර පැවැත්වෙන පළමු තරගය ලබන 23 වනදා ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

SRI LANKA NEWS
Comments (0)
Add Comment