මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නැමීබියා සංචිතය අද(10) ප්‍රකාශයට පත් කෙරුණා.
Gerhard Erasmus ගේ නායකත්වයෙන් යුත් නැමීබියා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, එක් අතිරේක ක්‍රීඩකයෙකු ද නම් කර තිබෙනවා.
ඊට දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වීසා (David Wiese) ද නම් කර තිබීම විශේෂත්වයක්.
නැමීබියාව 20යි 20 ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නැමීබියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
Squad: Gerhard Erasmus (c), Stephen Baard, Karl Birkenstock. Michau du Preez, Jan Frylinck, Zane Green, Nicol Lofie-Eaton, Bernard Scholtz, Ben Shikongo, JJ Smit, Ruben Trumpelmann, Michael van Lingen, David Wiese, Craig Williams, Picky Ya France
Reserves: Mauritius Ngupita