ඔක්තෝබර් 3 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කර ඇති තරග නිළධාරිනියන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව තරග නිළධාරිනියන් 13 දෙනෙකු 9 වැනි කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට නම් කර ඇති අතර, ඊට විනිසුරුවරියන් 10 දෙනෙකු හා තරග තීරකවරියන් තිදෙනෙකු ඇතුළත්.
තරග නිළධාරීන් අතරට ශ්‍රී ලංකාවේ නිමාලි පෙරේරා විනිසුරුවරියක් ලෙස ද, මිචෙල් පෙරේරා තරග තීරකවරියක් ලෙස ද ඇතුළත්ව ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරන මෙවර කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය සදහා තරග 23 ක් ඇතුළත්.
Umpires: Lauren Agenbag, Kim Cotton, Sarah Dambanevana, Anna Harris, Nimali Perera, Claire Polosak, Vrinda Rathi, Sue Redfern, Eloise Sheridan, Jacquiline Williams.
Match Referees: Shandré Fritz, GS Lakshmi, Michell Pereira.