ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් ; ප්‍රමෝද්ගෙන් සුපිරි පන්දු යැවීමක්

සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පන්දුවාර 48.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් හා ජොෂ් පිලිපී පළමු කඩුල්ලට පන්දුවාර 9.1ක් තුළ වේගවත් ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වුණා.

පිලිපී ලකුණු 34(25)කට දැවී ගිය අතර, හෙඩ් පන්දු 86කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110ක්. ට්‍රැවිස් හෙඩ්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15ක් ඇතුළත්.

මර්කස් හැරිස් ලකුණු 31ක්, නායක Henry Hunt ලකුණු 40ක් හා Aaron Hardie ලකුණු 58ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු A ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මදුෂාන් ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තා.

නිසල තාරක හා සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Comments (0)
Add Comment