ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක්

ඇෆ්ඝනිස්තානයට එරෙහිව අද ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් වම් පාදයේ ආබාධයකට ලක්ව තිබෙනවා.

පුහුණුවීම් අතරතුරදී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ප්‍රමෝද් වෙනුවට මිලාන් රත්නායක ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර තිබෙනවා.

මේ අතර, සංචිතයෙන් නිදහස් වූ භානුක රාජපක්ෂ වෙනුවට නුවනිදු ප්‍රනාන්දු සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

big 3