අදින් ආරම්භ වන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ජනිත් ලියනගේ කැදවා තිබෙනවා.
තරගාවලිය ආරම්භ වීමට පෙර අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඒ බව තහවුරු කළා.
විස්සයි 20 තරගවලදී ශ්‍රී ලංකා මැදපෙල ඉතා අස්ථාවර භාවයක් පෙන්නුම් කරන පසුබිමකයි මෙම පියවර ගෙන ඇත්තේ.
මීට පෙර ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටියා.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව “B” කාණ්ඩයෙන් තරග වදිනවා. එම කාණ්ඩයට ඇතුළත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, හොංකොං හා ඇෆ්ගනිස්තානයයි.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
The Squad
1) Charith Asalanka – Captain
2) Pathum Nissanka
3) Kusal Mendis
4) Kusal Perera
5) Nuwanidu Fernando
6) Kamindu Mendis
7) Kamil Mishara
8) Dasun Shanaka
9) Wanindu Hasaranga
10) Dunith Wellalage
11)Chamika Karunaratne
12) Maheesh Theekshana
13) Dushmantha Chameera
14)Binura Fernando
15) Nuwan Thushara
16) Matheesha Pathirana
17) Janith Liyanage