සිම්බාබ්වේ හී දී මේ දිනවල පැවැත්වෙන 2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
අවශ්‍යතාවයක් ඇති වුවහොත් සංචිතයට කැදවීමේ අරමුණින් ඔවුන්ව එලෙස අතිරේක ක්‍රීඩකයින් ලෙස සිම්බාබ්වේ වෙත පිටත් කර හැරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.
ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා පිතිකරු සහන් ආරච්චිගේ සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.
එම ක්‍රීඩකයින් එළඹෙන 23 වැනිදා බුලවායෝ හී දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(19) දිනයේ දී සිය පළමු තරගයට ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරදා ලකුණු 175 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම තරගය සදහා ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ක්‍රීඩා කළේ නැහැ.
මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 23 වැනිදා ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහන –
- Friday, 23 June
Sri Lanka v Oman, Queen’s Sports Club - Sunday, 25 June
Sri Lanka v Ireland, Queen’s Sports Club - Tuesday, 27 June
Sri Lanka v Scotland, Queen’s Sports Club