සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට Dave Houghton තීරණය කර තිබෙනවා.
ඒ, ඔහු එම ධූරය භාර ගැනීමෙන් මාස 18 ක පමණ කාලයකින් පසුවයි.
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අසමත් වූ අතර, අනතුරුව පැවැති 20යි 20 හා එක්දින තරගාවලියන්ගෙන් ඔවුන් අයර්ලන්තය හමුවේ මෑතකදී පරාජයට පත් වුණා.
එවැනි පසුබිමක බදාදා පැවැති සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන රැස්වීමකදී ඔහු සිය ධූරයෙන් ඉවත් වීමට අදාළ ලිපිය භාර දී ඇති බව සදහන්.
ඒ අනුව ජනවාරි මාසයට යෙදී ඇති ශ්‍රී ලංකා තරග සංචාරය සදහා තාවකාලික පුහුණු කාර්යය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරනු ඇති.
ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වුව ද, Dave Houghton සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය යටතේ වෙනත් තනතුරක ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඉල්ලා අස් වීම පිළිබද Dave Houghton පල කළ අදහස් –
“I have always had Zimbabwe cricket at heart and, though my coaching of the national team comes to an end, I would love to be involved in other areas.
“The talent base in Zimbabwe is enormous. How we move players from talented to performing well on the international stage is a great project to be involved in.”