ශ්‍රී ලංකා සංචාරයට අයර්ලන්ත සංචිත නම් කෙරේ ; ටෙස්ට් සංචිතයෙන් ස්ටර්ලින්ග් ඉවතට

එළඹෙන බංග්ලාදේශ හා ශ්‍රී ලංකා තරග සංචාර සදහා වන අයර්ලන්ත සංචිත නම් කර තිබෙනවා.

මාර්තු 18 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ තරග සංචාරයේ දී අයර්ලන්තය හා බංග්ලාදේශය අතර එක්දින තරග 3ක්, 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව අප්‍රේල් 18 වැනිදා සිට 28 වැනිදා දක්වා යෙදී ඇති අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ටෙස්ට් තරගය ගාල්ලේ දී ද, එක්දින තරග 2 කොළඹ දී ද පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

බංග්ලාදේශයට හා ශ්‍රී ලංකාවට එරෙහි අයර්ලන්ත ටෙස්ට් සංචිතය සදහා සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක පීටර් මුවර් නම් කර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක පෝල් ස්ටර්ලින්ග් සංචිතය සදහා නම් කර නැහැ.

නමුත්, ස්ටර්ලින්ග් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සංචිතයේ නායකයා ලෙස පත් කර තිබෙනවා.

බංග්ලාදේශ සංචාරයේ සියලු තරග රටාවලදී මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගයේ දී ද අයර්ලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ඇන්ඩි බල්බර්නි.

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියෙන් බල්බර්නි විවේක ගන්වා තිබීම හේතුවෙනුයි පෝල් ස්ටර්ලින්ග් එම තරගාවලියේ දී අයර්ලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය සදහා පමණයි.

අනතුරුව ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා එක්වීමට (ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සදහා) නියමිතව ඇති අතර, බංග්ලාදේශ සංචාරයට පෙර ද ඔහු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට (මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සදහා) ක්‍රීඩා කිරීමට නියමිතයි.

Ireland squads

ODIs and T20Is against Bangladesh:

Andy Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Graham Hume, Matthew Humphreys, Barry McCarthy, Paul Stirling, Harry Tector, Lorcan Tucker (wk), Ben White, Stephen Doheny (ODIs only), Josh Little (ODIs only), Andrew McBrine (ODIs only), Ross Adair (T20Is only), Conor Olphert (T20Is only), Craig Young (T20Is only)

One-off Test against Bangladesh and Sri Lanka:

Andy Balbirnie (C), Curtis Campher, Murray Commins, George Dockrell, Graham Hume, Matthew Humphreys, Andrew McBrine, Barry McCarthy, James McCollum, Peter Moor (wk), Harry Tector, Lorcan Tucker (wk), Ben White, Mark Adair (Bangladesh only), Matthew Foster (Sri Lanka only)

ODIs against Sri Lanka:

Paul Stirling (c), Curtis Campher, Murray Commins, Gareth Delany, George Dockrell, Stephen Doheny, Matthew Foster, Graham Hume, Matthew Humphreys, Andrew McBrine, Conor Olphert, Harry Tector, Lorcan Tucker (wk), Craig Young

big 3
Comments (0)
Add Comment