ශ්‍රී ලංකා යොවුන් පිලේ බ්‍රිතාන්‍ය සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මාසයක තරග සංචාරයක් සදහා ලබන 14 වැනිදා බ්‍රිතාන්‍යට ළගා වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(9) තහවුරු කළා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම යොවුන් ටෙස්ට් තරග දෙකකට හා යොවුන් එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තරග සංචාරය අරඹමින් ලබන 16 වැනිදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ‘Young Lions International XI’ කණ්ඩායමට එරෙහිව තෙදින පුහුණු තරගයකට ද Loughborough හී දී එක්වීමට නියමිතයි.

අනතුරුව පළමු සිව්දින ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව Chelmsford ( Essex CCC) හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය Derby හී දී ලබන 28 වැනිදා සිට පැවැත්වෙනවා.

එක්දින තරග තුන ලබන මස 5, 8 හා 10 යන දිනවලදී Worcester හා Leicester හී දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

SLC
Comments (0)
Add Comment