බංග්ලාදේශයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද(20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්තානය යන රටවල් මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(19) පස්වරුවේ නිවේදනය කළා.
මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් සංචිතයේ උප නායිකාව ලෙස පත් කර ඇත්තේ රෂ්මිකා සෙව්වන්දි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා සංචිතය –
1. Manudi Nanayakkara (C)
2. Rashmika Sewwandi (VC)
3. Vishmi Gunaratne
4. Sumudu Nisansala (WK)
5. Rashmi Nethranjali
6. Rismi Sanjana
7. Sanjana Kavindi
8. Vishmi Savindi
9. Ashani Kaushalya
10. Vimoksha Balasuriya
11. Yasanthi Nimanthika
12. Dahami Sanethma
13. Shashini Gimhani
14. Nethmi Senarathna
15. Dewmi Vihanga