ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද අද(20) පෙරවරුවේ තහවුරු කළා.
සියලු තරග රටාවලින් සමන්විත මෙම තරග සංචාරය සදහා 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.
සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු පළමු වැනිදා බංග්ලාදේශය වෙත පැමිණෙන බවයි මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තරග කාලසටහන නිවේදනය කරමින් සදහන් කර තිබුණේ.
20යි 20 තරගාවලියේ සියලු තරග සිල්හෙට් හී දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග තුන Chattogram හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
20යි 20 තරගාවලිය මාර්තු 4, 6 හා 9 යන දිනවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. මාර්තු 13, 15 හා 18 යන දිනවලදී එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වැනිදා ආරම්භ වන්නේ සිල්හෙට් හී දී යි. මාර්තු 30 වැනිදා Chattogram හී දී දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වනවා. මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වනවා.
තරග කාලසටහන –
- 04 March 24 – 1st T20i (starts at 6pm local time) – SICS, Sylhet
- 06 March 24 – 2nd T20i (starts at 6pm) – SICS, Sylhet
- 09 March 24 – 3rd T20i (starts at 3pm) – SICS, Sylhet
- 13 March 24 – 1st ODI (starts at 2:30pm) – ZACS, Chattogram
- 15 March 24 – 2nd ODI (starts at 2:30pm) – ZACS, Chattogram
- 18 March 24 – 3rd ODI (starts at 10am) – ZACS, Chattogram
- 22-26 March 24 – 1st Test (starts at10am) – SICS, Sylhet
- 30 March – 03 April 24 – 2nd Test (starts at10am) – ZACS, Chattogram