ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත දෙදින පුහුණු ක්‍රිකට් තරගය හෙට (4) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගය මෙරට වේලාවෙන් අලුයම 3.30 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ක්‍රයිස්ච්ර්ච් හි Lincoln නුවර Bert Sutcliffe Oval ක්‍රීඩාංගනයේ දී යි.
දෙදින පුහුණු ක්‍රිකට් තරගය සදහා වන නවසීලන්ත සංචිතය ද (NZ XI) ඊයේ(2) ප්‍රකාශයට පත් කෙරුණා.
ජැක් බොයිල්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.
තරගය නවසීලන්ත ක්‍රිකට් නිල යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරෙන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 17 වැනිදා ආරම්භ වන්නේ වෙලින්ටන් හී දී යි.
New Zealand XI squad
- Jack Boyle (c)
- Ma’ara Ave
- Matt Bacon
- Jakob Bhula
- Matt Boyle
- Blake Coburn
- Jacob Cumming
- Sean Davey
- James Hartshorn
- Tim Robinson
- Ross ter Braak
- Bayley Wiggins
- Theo van Woerkom
Sri Lanka Test Squad –
- Dimuth Karunaratne – (C)
- Oshada Fernando
- Kusal Mendis
- Angelo Mathews
- Dhananjaya De Silva
- Dinesh Chandimal
- Kamindu Mendis
- Niroshan Dickwella
- Nishan Madushka
- Ramesh Mendis
- Prabath Jayasuriya
- Chamika Karunaratne
- Kasun Rajitha
- Lahiru Kumara
- Asitha Fernando
- Vishwa Fernando
- Milan Rathnayake