ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු එක්දින ක්‍රිකට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර එරට ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.
පිපිරීමෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය මේ වන විට රාවල්පින්ඩිහීදී ආරම්භ වී තිබෙනවා.
පිපිරීම සිදු වූ ඉස්ලාමාබාද් නුවර සිට කිලෝ මීටර් 20 ක් පමණ දුරකිනුයි රාවල්පින්ඩි නගරය පිහිටා ඇත්තේ.
ඊයේ රාත්‍රියේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවර ද පිපිරීමක් සිදු වූ පසුබිමකයි මෙම පිපිරීම පාකිස්තානයෙන් වාර්තා වන්නේ.