ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අද(1) එංගලන්තය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිව්දින තරග 3කට හා 20යි 20 තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු සිව්දින තරගය ලබන 6 වැනිදා සිට කෙන්ට් හී දී ද, දෙවැනි සිව්දින තරගය ලබන 13 වැනිදා සිට හැම්ප්ෂයර් හී දී ද, තෙවැනි සිව්දින තරගය ලබන 20 වැනිදා සිට සරේ හී දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

20යි 20 තරග තුන මැයි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන්නේ සරේ, සමර්සෙට් හා ග්ලෝස්ටර්ෂයර් හී දී යි.

සිව්දින කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජය නම් කර ඇති අතර, 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ ධනංජය ලක්ෂාන්.

නැගී එන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම සංචාරයේ අරමුණයි.

Squad :

  1. Lasith Croospulle
  2. Nishan Madushka
  3. Nipun Dananjaya – Captain ( Four Day Games)
  4. Nuwanidu Fernando
  5. Ashen Bandara
  6. Avishka Tharindu
  7. Avishka Perera
  8. Dunith Wellalage
  9. Dhananjaya Lakshan – Captain ( T20s)
  10. Santhush Gunathilake
  11. Yasiru Rodrigo
  12. Amshi De Silva
  13. Nipun Malinga
  14. Udith Madushan
  15. Nipun Ransika
  16. Dilum Sudeera
  17. Ashian Daniel
  18. Manelker De Silva
Comments (0)
Add Comment