ශ්‍රී ලංකා – නවසීලන්ත පුහුණු තරගය හෙට ; සජීවී විකාශන තොරතුරු නවසීලන්තය නිවේදනය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු විස්සයි 20 තරගය හෙට(23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Lincoln හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් හෙට අලුයම 3:30 ට ආරම්භ වීමට නියමිතයි.

Lincoln University ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන New Zealand XI සංචිතය පසුගියදා නම් කෙරුණු අතර, Joe Carter ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.

හෙන්රි ශිප්ලි, බෙන් ලිස්ටර්, මැට් ෆිෂර් හා බෙවන් ජේකබ්ස් වැනි ක්‍රීඩකයින් සංචිතයට නම් කර තිබෙනවා.

මෙම තරගය nzc.nz වෙබ් අඩවිය ඔස්සේ හා NZC යෙදුම (App) හරහා සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග සංචාරයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතයේ ක්‍රීඩකයින් පසුගිය 20 වැනිදා රාත්‍රී කාලයේදී දිවයිනෙන් පිටත්ව ගියා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් විස්සයි 20 සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

නවසීලන්ත එක්දින හා විස්සයි 20 සංචිත මෙතෙක් නිවේදනය කර නොමැති අතර, එම සංචිතය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

තරග සංචාරයට විස්සයි 20 තරග 3 ක් හා එක්දින තරග 3ක් ඇතුළත්. විස්සයි 20 තරගාවලිය දෙසැම්බර් 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – නවසීලන්ත කාලසටහන :

  • December 28: 1st T20I, Tauranga (11:45 am SLST)
  • December 30: 2nd T20I, Tauranga (11:45 am SLST)
  • January 2: 3rd T20I, Nelson (5:45am SLST)
  • January 5: 1st ODI, Wellington (3:30am SLST)
  • January 8: 2nd ODI, Hamilton (6:30am SLST)
  • January 11: 3rd ODI, Auckland (6:30am SLST)
Comments (0)
Add Comment