ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ලොව පුරා විකාශය වෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(18) ගාල්ලේ දී ආරම්භ වනවා. පළමු තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට නොමිලේ අවස්ථාව ලබා දී තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව ගාලු ක්‍රීඩාංගනයේ දොරටු අංක 4 හරහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීමට අවස්ථාව ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් අද ආරම්භ වන මෙම තරගයට සැප්තැම්බර් 21 වැනිදා විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම ද විශේෂත්වයක්. ඒ අනුව සැප්තැම්බර් 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පළමු තරගය වෙනුවෙන් දින වෙන් කර තිබෙනවා.

තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ Supreme TV නාලිකාවටයි. Dialog TV හා PEO TV පාරිභෝගිකයින්ට Ten Cricket නාලිකාව හරහා තරගාවලිය නැරඹිය හැකියි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූටියුබ් නාලිකාව හරහා ද තරගාවලිය සජීවීව විකාශය කිරීමට නියමිතයි.

New Zealand tour of Sri Lanka 2024 – Broadcasters

• Sri Lanka (Pay): Ten Cricket, Dialog & IPTV – SLT
• Sri Lanka (Terrestrial) – Supreme TV
• Sri Lanka YouTube: Sri Lanka Cricket
• India Subcontinent (excluding Pakistan): Sony Sports Network + Sony LIV
• Pakistan: Ten Sports Pakistan, Sony LIV & Tapmad
• Bangladesh: T Sports
• New Zealand: Sky NZ
• MENA and South East Asia: Cricbuzz
• UK & Republic of Ireland: TNT Sport
• Sub-Saharan Africa: Supersport

top
Comments (0)
Add Comment