ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින හා T20 තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

එළඹෙන නොවැම්බර් මාසයේ දී නවසීලන්ත කණ්ඩායම මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) තහවුරු කළා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග දෙකක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

විස්සයි 20 තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය ද පැවැත්වෙන්නේ එම ක්‍රීඩාංගනයේදීමයි.

අවසන් එක්දින තරග දෙක මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 9 වැනිදා ද, එක්දින තරගාවලිය 13 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.(කාලසටහන පහතින්)

නවසීලන්ත කණ්ඩායම පසුගිය මාසයේදී ද මෙරට තරග සංචාරයක නිරත වූ අතර, එහිදී දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මාසයේ දී නවසීලන්ත තරග සංචාරයක ද නිරත වීමට නියමිතව තිබීම විශේෂත්වයක්. එම තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග තුනක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන –

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග කාලසටහන –

  • December 28: 1st T20I, Tauranga
  • December 30: 2nd T20I, Tauranga
  • January 2: 3rd T20I, Nelson
  • January 5: 1st ODI, Wellington (Basin Reserve)
  • January 8: 2nd ODI, Hamilton
  • January 11: 3rd ODI, Auckland
top
Comments (0)
Add Comment