ශ්‍රී ලංකා තරගයට පැය කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියානු සංචිතයට ප්‍රබල වෙනසක් – මාෂ් ගැනත් සුබ ආරංචියක්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම මාසය මුලදීම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් වෙනුවට මෙම ආදේශ කිරීම සිදු කර තිබීම විශේෂත්වයක්.

මීට පෙර හේසල්වුඩ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කර තිබුණේ නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේද පරාජයට පත් වූ ඔස්ට්‍රේලියාව මේ වන විට තරගාවලියෙන් ඉවත් වීමේ අවධානමකට පවා මුහුණ දී සිටින අතර, ඔවුන් අද දිනයේදී ශ්‍රී ලංකාව සමග තීරණාත්මක තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ආබාධයකට ලක් වීම නිසා පළමු තරග දෙක අහිමි වූ විස්සයි 20 නායක මිචෙල් මාෂ් වෙනුවට අව්‍යශ වුවහොත් සංචිතයට කැදවීම සදහා ස්මිත් පසුගිය දිනක ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබුවා.

ඒ අනුව ඔහු ඊයේ දිනයේදී ද කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග මහනුවරදී පුහුණුවීම් කටයුතුවල නිරත වුණා.

කෙසේ වෙතත්, මේ වන විට මාෂ් සුවය ලබා ඇති අතර, ඔහු ද ඊයේ දිනයේදී පුහුණුවීම් කටයුතුවල නිරතව තිබෙනවා.

big
Comments (0)
Add Comment