දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන Neil McKenzie ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයක් සදහා පත් කර තිබෙනවා.
ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු සමග ඔහු පුහුණු කදවුරකට එක්වීමට නියමිතයි.
නොවැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා දක්වා Neil McKenzie ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
පුහුණු කදවුරට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ(11) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. එම ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් ලැයිස්තුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තු තබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීම අතිශය වැදගත්.
තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කිරීමට නියමිත, එහෙත් නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේ නැහැ.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 27 වැනිදා Durban හීදී ද, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා Gqeberha ද ආරම්භ වීමට නියමිතයි.
The squad taking part in the Pre-Series Camp
Dhananjaya De Silva, Dimuth Karunaratne, Angelo Mathews, Dinesh Chandimal, Lahiru Kumara, Prabath Jayasuriya, Nishan Peiris, Milan Rathnayake, Kasun Rajitha, Lasith Embuldeniya