ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සැනසුම්දායක ජයක්

Match Report

අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින් අයර්ලන්ත සංචාරයට සැනසුම්දායක අවසානයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වුණා.

Belfast හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තයට පන්දුවාර 46.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

Arlene Kelly ලකුණු 35 ක් හා Leah Paul ලකුණු 19 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා චමරි අතපත්තු කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 23.1 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 123 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

විශ්මි ගුණරත්න ලකුණු 9කට දැවී ගිය අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 48 කට දැවී ගියා. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48 යි.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු එක්දින තරග දෙක ජය ගත් අයර්ලන්තය තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

Comments (0)
Add Comment