මැයි මාසයේ අයි.සී.සී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.
නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හා මුල් පෙල පිතිකාරිණී හර්ෂිතා මාධවී එලෙස නිර්දේශිත නාම අතරට ඇතුළත් කර තිබෙනවා.
නිර්දේශිත නාම අතරට ඇතුළත් අනෙක් ක්‍රීඩිකාව වන්නේ තායිලන්තයේ Thipatcha Putthawong.
මේ අතර, මැයි මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ද ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.
එම නාම අතරට ඇතුළත්ව ඇත්තේ පාකිස්තානයේ බාබර් අසාම්, බංග්ලාදේශයේ නජ්මුල් හොසේන් හා අයර්ලන්තයේ හැරී ටෙක්ටර්.