එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) (ILT20) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ඩුබායි කැපිටල්ස් (Dubai Capitals) කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය මේ වන විට සම්පූර්ණයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායම සමග ගිවිසුම් ගත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 5 ක්.
කැපිටල්ස් කණ්ඩායම විසින් සිය සංචිතය සමග එක් වූ ක්‍රීඩකයින්ගේ නම් නිවේදනය කිරීම ආරම්භ කළේ අද පෙරවරුවේ සිටයි.
ඒ අනුව අප මීට පෙරද වාර්තා කළ පරිදි ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමග ඩුබායි කැපිටල්ස් කණ්ඩායම ගිවිසුම්ගතව තිබෙනවා.
ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ද සිය කණ්ඩායම සමග එක්ව ඇති බවයි කැපිටල්ස් කණ්ඩායම පසුව නිවේදනය කළේ.
අද පස්වරුවේ දී ඔවුන් විදෙස් ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සිය මූලික සංචිතය සම්පූර්ණයෙන්ම නිවේදනය කළ අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
ඒ අනුව ඉහත සදහන් කළ ක්‍රීඩකයින්ට අමතරව නිරෝෂන් දික්වැල්ල හා ඉසුරු උදාන ද කැපිටල්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අමතරව කොදෙව් දූපත්හි රොව්මන් පවෙල් හා ෆේබියන් ඇලන් මෙන්ම ඇෆ්ඝනිස්තානයේ මුජීබ් උර් රහ්මාන් හා හස්රටුල්ලාහ් සසායි ද සිය කණ්ඩායම සමග එක්ව ඇති බවයි කැපිටල්ස් කණ්ඩායම සදහන් කළේ.
සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා ද ඩුබායි කැපිටල්ස් සංචිතයට ඇතුළත්.
තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කරන අතර, සෑම සංචිතයක් සදහාම ක්‍රීඩකයින් 18 දෙනෙකු නම් කළ හැකියි. සංචිතයකට ඇතුළත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණයි. සෙසු ක්‍රීඩකයින් 14 දෙනා විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.
ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ලීගයේ පළමු අදියර සදහා තරග 34 ක් ඇතුළත් අතර, සාජා, ඩුබායි හා අබුඩාබි හී දී තරග පැවැත්වීමට නියමිතයි.
Dubai Capitals squad:
Rovman Powell, Hazratullah Zazai, Daniel Lawrence, George Munsey, Bhanuka Rajapaksa, Niroshan Dickwella, Sikandar Raza, Dasun Shanaka, Fabian Allen, Isuru Udana, Mujeeb Ur Rahman, Dushmantha Chameera, Fred Klaassen, Blessing Muzarabani