ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලු පටි පළදියි

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර අද(14) දහවල් ආරම්භ වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලු පටි පැළද ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරියෙකු වූ ට්‍රෙවර් රාජරත්නම් මහතාගේ අභාවයට ශෝකය පල කරමිනුයි ඔවුන් එලෙස කලු පටි පැළදීමට පියවර ගෙන ඇත්තේ.

ට්‍රෙවර් රාජරත්නම් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස හා භාණ්ඩාගාරිකවරයෙකු ලෙස කටයුතු කර තිබුණා.

මේ අතර, ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් –

Comments (0)
Add Comment