ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව පත් කර තිබෙනවා.
අද(15) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමකදීයි මෙම නිලවරණ කමිටුව පත් කර ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය පැවැත්වීම සඳහා පවතින ක්‍රීඩා නීති රෙගුලාසි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූලව මෙම පත් කිරීම සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය අද රාත්‍රියේ නිවේදනය කළේ.
ඒ අනුව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන් නිලවරණ කමිටුවට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය විසින් ඒකමතිකව නිලවරණ කමිටු සාමාජිකයින් පත් කර ඇති අතර, ඉදිරි වාර්ෂික මහා සභා රැස්වීමේ දී නිලවරණය පැවැත්වීම සදහා කටයුතු සූදානම් කිරීමේ වගකීම මෙම නිලවරණ කමිටුවට පැවරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2023 වසරේ මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.
[…] – Source – […]