ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත නවසීලන්ත තරග සංචාරය ද ඇතුළත් නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන ගිම්හාන සෘතුවට (2022-23) අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන අද(28) නිවේදනය කෙරුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා එංගලන්තය යන රටවල් ද එළඹෙන ගිම්හාන සෘතුවේ දී නවසීලන්තයේ තරග සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ද නවසීලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ගිම්හාන තරග කාලසටහන අනුව නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගාවලිය ඔක්තෝබර් 8 වැනිදා ආරම්භ වන්නේ පාකිස්තානයට හා බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යෙදී ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයටයි.
මාර්තු 9 වැනිදා තරග සංචාරය ආරම්භ කරමින් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වීමට නියමිතයි.
ක්‍රයිස්චර්ච් හී දී එම තරගය පැවැත්වෙන අතර, මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි.
අනතුරුව දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ද පැවැත්වීමට නියමිත බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මාර්තු 25 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය ඔක්ලන්ඩ්, ක්‍රයිස්චර්ච් හා හැමිල්ටන් හී දී පැවැත්වීමට නියමිතයි.
20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වන අතර, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සම්පූර්ණ තරග කාලසටහන –
New Zealand 2022-23 home schedule:
- T20 tri-series vs Bangladesh and Pakistan
October 8, 7pm: T20 v Pakistan; Hagley Oval, Christchurch
October 9, 7pm: T20 v Bangladesh; Hagley Oval, Christchurch
October 11, 3pm: T20 v Pakistan; Hagley Oval, Christchurch
October 12, 3pm: T20 v Bangladesh; Hagley Oval, Christchurch
October 14, 3pm: T20 tri-series final (if qualified); Hagley Oval, Christchurch
- New Zealand vs India
Friday, November 18, 7.30pm: 1st T20; Sky Stadium, Wellington
Sunday, November 20, 7.30pm: 2nd T20; Bay Oval, Mount Maunganui
Tuesday, November 22, 7.30pm: 3rd T20; McLean Park, Napier
Friday, November 25, 2.30pm: 1st ODI; Eden Park, Auckland
Sunday, November 27, 2.30pm: 2nd ODI; Seddon Park, Hamilton
Wednesday, November 30, 2.30pm: 3rd ODI; Hagley Oval, Christchurch
- New Zealand vs England
Thursday, February 16 – Monday, February 20, 2pm daily: 1st Test; Bay Oval, Mount Maunganui
Friday, February 24 – Tuesday, February 28, 11am daily: 2nd Test; Basin Reserve, Wellington
- New Zealand vs Sri Lanka
March 9 – Monday, March 13, 11am daily: 1st Test; Hagley Oval, Christchurch
March 17 – Tuesday, March 21, 11am daily: 2nd Test; Basin Reserve, Wellington
March 25, 2pm: 1st ODI; Eden Park, Auckland
March 28, 2pm: 2nd ODI; Hagley Oval, Christchurch
March 31, 2pm: 3rd ODI; Seddon Park, Hamilton
April 2, 1pm: 1st T20; Eden Park, Auckland
April 5, 1pm: 2nd T20; University of Otago Oval, Dunedin
April 8, 1pm: 3rd T20; John Davies Oval, Queenstown
- New Zealand Women vs Bangladesh Women
December 2, 7pm: 1st T20; Hagley Oval, Christchurch
December 4, 2pm: 2nd T20; University of Otago Oval, Dunedin
December 7, 2pm: 3rd T20; John Davies Oval, Queenstown
December 11, 11am: 1st ODI; Basin Reserve, Wellington
December 14, 2pm: 2nd ODI; McLean Park, Napier
December 18, 11am: 3rd ODI; Seddon Park, Hamilton